Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2018 16:40:10 Hours

කෝකිලායි විහාරයේ ‘කඨින’ පූජෝත්සවය සඳහා යුද්ධ හමුදාවේ සහාය

කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ වාර්ෂික කඨීන පූජෝත්සවය පැවැත්වීම සඳහා 59 වන සේනාංකයේ භට පිරිස් සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්සපුර ගුණරත්න ස්වාමින් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් එම විහාරස්ථානයේ සංවිධායකත්වයෙන් ස්වාමින් වහන්සේලා 20 නමකට හිල් දානය පූජා කරනු ලැබීය.

චන්ද්‍රිකා මහත්මිය සහ පවුලේ සාමාජිකයින් ඇතුළු නාගොඩ එච්.කේ. සුනේත්‍රා මහත්මිය සහ පවුලේ සාමාජිකයින් මෙම ආගමික උත්සවය සාර්ථක කරගැනීම සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබාදුන්හ.

මෙම ආගමික උත්සවය සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර එම උත්සවයේ දී විහාරස්ථාන පරිශ්‍රයේ උතුම් ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ද රෝපණය කරනු ලැබීය.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දෙදිනක් පුරා පැවැති මෙම ආගමික වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය. Best Sneakers | THE SNEAKER BULLETIN