Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2018 15:25:39 Hours

යුද්ධ හමුදා ක්‍රීකට් ක්‍රීඩකයින් පකිස්තානයේ දී දස්කම් දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීකට් ක්‍රීඩකයින් සහ පකිස්තානු යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විස්සයි විස්ස තරඟ 3 ක් සහ පන්දුවාර 50 තරඟ 2 ක් ඔක්තෝම්බර් මස 6 දින සිට 22 දින දක්වා ගුජ්රන්වාලා (Gujranwala), රාවල්පිණ්ඩි (Rawalpindi) සහ ගඩාෆි (Gaddafi) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයන්හිදි පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නව සංකල්පයකට අනුව දෙරට යුද්ධ හමුදාවන් අතර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟ සංචාරය සංවිධානය කරනු ලැබීය.

එහිදි පැවැති පළමු එක්දින තරඟය පන්දුවාර 45 කට සීමාවූ අතර, ලකුණු 71 කින් ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්විය. මෙම තරඟයේ වීරයා ලෙස බළලත් නිලධාරි I සීකුගේ ප්‍රසන්න තේරීපත්විය. එමෙන්ම, පළමු විස්සයි විස්ස තරඟයේ ලකුණු 49 ක් ලබාගනිමින් බොම්බඩියර් ඒ.ජි.වී.එල්. මදුෂාන් හොඳම පිතීකරුවා ලෙස තේරීපත්විය. තවද තරඟයේ වීරයා ලෙස බොම්බඩියර් එම්.ජේ.එල්. පෙරේරා තේරීපත් වූ අතර හොඳම පන්දු යවන්නා ලෙස සාමාන්‍ය සෙබල කේ.වයි.එන්. මෙන්ඩිස් තේරීපත්විය.

තවද දෙවන විස්සයි විස්ස තරඟය පකිස්තානු යුද්ධ හමුදා 30 වන බලකා කණ්ඩායම සමඟ පැවති අතර එහිදි ලකුණු 50 ක ජයක් හිමිකරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්විය. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙවන එක්දින තරඟයේ ජයද ලකුණු 122 කින් තමන් සතු කරගැනීමට සමත්විය.

එමෙන්ම, තුන්වන විස්සයි විස්ස තරඟය ලාහෝර් ජිම්කානා (Lahore Gymkhana) ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පකිස්තානු 4 වන බලකාය සමඟ පැවැති අතර එහිදි කඩුලු 9 ක ජයක් තමන් සතු කරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්විය. තරඟාවලියේ වීරයා ලෙස බොම්බඩියර් ඒ.ඩි.වී.එල්. මදුෂාන් සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීකට් කණ්ඩායමට පකිස්තානයේදී විවිධ තරඟයන් සඳහා අවශ්‍ය ස්ථානයන්ට ගමන් කිරීමට ගුවන් පහසුකම් ද ලබාදෙනු ලැබීය.Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth