Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2018 10:41:43 Hours

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය 2018 ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 28 වන සාමාන්‍ය උපාධි ප්‍රධානෝත්සවයේ අවසාන අදියර උසස් අධ්‍යාපන අමාත්‍ය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි නොවැම්බර් මස 01 සහ 02 දෙදින තුල පවත්වනු ලැබීය.

මෙම උපාධි ප්‍රධානෝත්සවයේ සඳහා ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිතුමන් සහ උප කුලපතිතුමන්, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයන්හි උප කුලපතිවරුන්, නියෝජ්‍ය උප කුලපති (ආරක්‍ෂක සහ පරිපාලන), නියෝජ්‍ය උප කුලපති (ශාස්ත්‍රීය), කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිිණ පර්ශදයේ ප්‍රධානි, සියලු පීඨාධිපතිවරුන්, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල නිලධාරීන්, ත්‍රීවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සහ සිවිල් උපාධිධාරීන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.

විනයවත් අධ්‍යාපනික වට පිටාවක් තුල යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයින් සඳහා ඉතා වටිනා උසස් අධ්‍යාපනික අවස්ථා පිරිනමනු ලබන දිවයිනෙහි කීර්තිමත් විශ්ව විද්‍යාලයක් ලෙස කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය පිලිගනු ලබයි.

මෙම වසරෙහි උපාධි ප්‍රධානෝත්සවයේදී විවිධ අධ්‍යාපන පීඨ 8ක් යටතේ සිසුන් 1215 කු සඳහා උපාධි පිරිනමනු ලැබීය. එහිදී දර්ශනපති උපාධි 2ක්, විශේෂ උපාධි 213ක්, පශ්චාත් ඩිප්ලෝමා 13 ක් ආදී වශයෙන් ප්‍රධානය කරනු ලැබීය.

2018 වර්ෂයේ උපාධි ප්‍රධානෝත්සවයේ විශේෂ දක්‍ෂතාවයන්ට අනුව උපාධි හිමිකරගත් ජයග්‍රාහකයින් පහත පරිදි වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හොදම ශිෂ්‍ය නිලධාරියා

දෙවන ලුතිතන් ජේ.වී.එන්.එල් ජයසේකර

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හොදම ශිෂ්‍ය නිලධාරියා

උප ලුතිතන් සී.එස් සේරසිංහ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හොදම ශිෂ්‍ය නිලධාරියා

පියාසර නිලධාරී ඩබ්.ඒ.එස්.යු ද කොස්තා

කුසලතා අනුපිලිවෙලින් පළමුවන ස්ථානය

ශාස්ත්‍රධරයා එන්.ජී ලියනාරච්චි

ගෞරව සංකේත අසිපත

දෙවන ලුතිතන් ජී.බී.එච්.පී ගම්ලත්Adidas shoes | adidas Yeezy Boost 700 , Ietp