Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2018 16:14:27 Hours

14 සේනාංකය ‘රණවිරු හරිත අරණ’ රුක් රෝපණ වැඩසටහන සඳහා එක්වෙයි

‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතියට අනුව 14 සේනාංකය යටතේ ස්ථාපිත සියලු ඒකකයන්හි භට පිරිස් විසින් සෙනසුරාදා (27) දින රුක් රෝපණ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

ඒ අනුව, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 143 වන බලසේනාවේ, 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කඳවුරු පරිශ්‍රයන්හි දී නා, රඹුටන්, දුරියන්, මහෝගනි, කොස්, අඹ, කුඹුක්, තේක්ක, කළුවර, කජු, පාවට්ටා, දොඩම්, දෙළුම්, පොල් ආදී පැළ වර්ග තොගයක් රෝපණය කරන ලදි.

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මැණික්ෆාම් ගොවිපලේ දී සංවිධානය කරනු ලැබු ප්‍රධාන වැඩසටහනට සමගාමිව දියත් කරනු ලැබු මෙම වැඩසටහන යටතේ පැළ 100 කට වැඩි ප්‍රමාණයක් රෝපණය කරනු ලැබීය. latest Running Sneakers | Mens Flynit Trainers