Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st October 2018 22:59:21 Hours

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය’ නිමාවට

55 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය’ බදාදා (31) දින කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත්විය.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර ප්‍රධාන දොරටුව අභියස දී යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙවර තරඟාවලිය සඳහා ජාත්‍යන්තර තරඟයන් හිදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා කීර්තිමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූහ.

තෙදිනක් පුරා කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවති මෙම වාර්ෂික මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900 කට අධික පිරිසක් සහභාගි වූ අතර ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව් රැසකින් මෙවර තරඟාවලිය සමන්විත විය.

ශ්‍රී ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම දිනාදුන් ලුතිනන් ඩන්කන් වයිට් ගේ මූලිකත්වයෙන් 1950 දී යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව ආරම්භ වූ අතර ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය, ආසියානු ක්‍රීඩා තරඟාවලිය, දකුණු ආසියා ක්‍රීඩා තරඟාවලිය, ලෝක ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා උළෙල ආදී ජාත්‍යන්තර තරඟවලදී යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් මෙරට වෙනත් කිසිදු ආයතනයක් අද වනවිට ලබාගෙන නොමැති රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගනිමින් වාර්තාගත ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට සමත්ව ඇත.

යුද්ධ හමුදා මළල ක්‍රීඩා ජයග්‍රහණයන් පිළිබඳ සිය සුභපැතුම් පිරිනැමු ප්‍රධාන ආරාධිත අමුත්තා, තරඟාවලියේ ජයග්‍රාහකයින් හට කුසලාන සහ පදක්කම් පිරිනැමීම සඳහා ද එක්විය.

මෙහි සමාප්ති උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් චන්දන රණවීර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

මෙවර අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලියේ දී නව ජාතික වාර්තා 2 ක්, නව තරඟ වාර්තා 12 ක් සහ නව යුද්ධ හමුදා මළල ක්‍රීඩා වාර්තා 4 ක් පිහිටුවීමට යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්විය. Sports brands | Releases Nike Shoes