Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2018 19:32:22 Hours

‘රුහුණු රස සරණිය’ ප්‍රදර්ශනයේ හොඳම ප්‍රදර්ශන කුටි ලෙස යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටි තේරීපත්වෙයි

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව ගාල්ල නගර ශාලා භූමියේ දී ඉදිරිපත් කරන ලද ‘රුහුණු රස සරණිය’ දේශීය ආහාර ප්‍රදර්ශනයේ හොඳම ප්‍රදර්ශන කුටි සඳහා යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටි තේරීපත් වන ලදි.

ඒ අනුව, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටිය ප්‍රථම ස්ථානයත්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටිය දෙවන ස්ථානයත් හිමිකරගනු ලැබීය.

තවද, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබු මෙම දැවැන්ත ප්‍රදර්ශනයේ නව නිපැයුම් කුටිය සඳහා ප්‍රථම ස්ථානය ද යුද්ධ හමුදාව විසින් හිමිකර ගන්නා ලදි.

මෙම උත්සවය සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහභාගි විය. buy shoes | Entrainement Nike