Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2018 13:55:21 Hours

භඨ කාර්ය සම්පාදන අණසක හි නව කාර්ය නියුක්ත ආඥාපති රාජකාරි අරඹයි

භඨ කාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ නව කාර්ය නියුක්ත ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සී.එස්. ඇටිපොල සිකුරාදා (26) දින සිය කාර්යාලයේ පැවැති උත්සවයක දී රාජකාරි භාරගනු ලැබීය.

සාලාව, යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාද අණසක මූලස්ථානයේ දී නව කාර්ය නියුක්ත ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර, ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරාල් සී.එස්. ඇටිපොල රාජකාරි අරඹනු ලැබීය. අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් එක්විය.

මේජර් ජෙනරාල් සී.එස්. ඇටිපොල නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන රෙජිමේන්තුහි මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.bridgemedia | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival