Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2018 18:13:10 Hours

‘රුහුණු රස සරණිය’ විවිධත්ව ආහාර ප්‍රදර්ශනය සඳහා දකුණේ ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව ඉදිරිපත් කරන ලද ‘රුහුණු රස සරණිය’ දේශීය ආහාර ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මස 26 දින සිට 28 දින දක්වා ගාල්ල නගර ශාලා භූමියේ දී පවත්වන ලදි.

එහිදි 581 වන බලසේනාවේ, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේ, ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ, ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ ඒ ඒ පළාත් සඳහා ආවේනික ආහාර වට්ටෝරු ඇතුලත් ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරනු ලැබීය.

තවද, නරඹන්නන්ගේ ආකර්ශනය දිනාගත් නව නිපැයුම් ප්‍රදර්ශන කුටියක්ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහිදි ඉදිරිපත් කළහ.

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යු.ඩි. ආරියතිලක මහතා විසින් මෙම ආහාර ප්‍රදර්ශනය විවෘත කල අතර, සමාරම්භක උත්සවය සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ද සහභාගි විය.

මෙම ආහාර ප්‍රදර්ශනය නැරඹීම සඳහා දිවයිනේ විවිධ පළාත්වල ආහාර පිළිබඳ ප්‍රවීනයින් විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම ප්‍රදර්ශනය සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 58 වන සේනාංකය සිය සහයෝගය ලබාදෙනු ලැබීය.Sneakers Store | Air Jordan Release Dates 2020