Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2018 16:00:06 Hours

ජාත්‍යන්තර තරඟයන් හිදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයූමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයන් හිදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

පසුගිය සති කිහිපය තුලදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් මෙන්ම කැරම්, දැල්පන්දු ආදී ක්‍රීඩාවන් තුලින් ආසියානු ක්‍රීඩා තරඟයන්හිදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකරගැනීමට සමත්විය. ඒ අනුව 5 වන ලෝක කැරම් තරඟාවලිය - 2018 (රිදී පදක්කමත්), ආසියානු දැල්පන්දු තරඟාවලිය - 2018 (රන් පදක්කමත්) සහ ඉන්දුනිසියාවේ පැවැති ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලිය - 2018 (රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක්) දිනාගැනීමට යුද්ධ හමුදාව නියෝජනය කරනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්විය.

තවද, දකුණු කොරියාවේ පැවැති 5 වන ලෝක කැරම් තරඟාවලිය - 2018 දී රිදී පදක්කමක් දිනාගැනීමට 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඩි.එස්. රණවීර සමත්විය.

මෙම සුහද හමුදාවේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් මෙන්ම ඔවුන්ගේ දක්‍ෂතාවයන් ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම් ද එක්කල අතර එම ක්‍රීඩා කෞෂල්‍යන් ප්‍රවර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවන් හිදී මෙන්ම අනෙකුත් ක්‍රීඩා තරඟයන් හිදී ඔවුන් ලබාගත් ජයග්‍රහණයන් ඇගයුමට ලක් කරනු ලැබීය. තවද එම දක්‍ෂතාවයන් අගයනු වස් ඔවුන් වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීමට නියමිත බවත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල් අතුල සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරම් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රන්ජිත් ධර්මසිරි, යුද්ධ හමුදා පැරා කමිටුවේ ලේකම් කර්නල් රාජ් ගුණසේකර යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේ පැවැති සුහද හමුව සඳහා සහභාගි වූ යුද්ධ හමුදා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයන් පහත පරිදි වේ.

5 වන ලෝක ශුරතා කැරම් තරඟාවලිය - 2018 හිදී රිදී පදක්කමක් දිනාගැනීමට 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඩි.ආර්. රණවීර සමත්විය.

13 වන ආසියානු දැල්පන්දු තරඟාවලිය - 2018 හිදී රිදී පදක්කමක් දිනාගැනීමට 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එන්. රාජපක්‍ෂ සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී රෝදපුටු ටෙනිස් තරඟයේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඒ.එල්.එස්. රණවීර සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී රන් පදක්කමක් (දුරපැනීමේ ඉසව්ව), ලෝකඩ පදක්කමක් (උසපැනීමේ ඉසව්ව) දිනාගැනීමට කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් සී.එන්. බුද්ධික ඉන්ද්‍රපාල සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කමක් (රෝදපුටු ටෙනිස් තරඟාවලියේ) දිනාගැනීමට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බෝම්බඩි එස්.ඩි.ආර්. ධර්මසේන සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී හතරවන ස්ථානය (හෙල්ල විසිකිරීමේ ඉසව්ව) හිමිකරගැනීමට 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.එස්. දුලාන් සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී රන් පදක්කමක් (මීටර් 200 ඉසව්වේ) දිනාගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්. අමිල ප්‍රසන්න සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී රිදී පදක්කමක් (යඟුලිය විසිකිරීමේ ඉසව්වේ) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබල එච්.ජි. පාලිත බණ්ඩාර සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කමක් (මීටර් 100 ඉසව්වේ) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබල ආර්.එස්. කීර්ති බණ්ඩාර සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී හයවන ස්ථානය (හෙල්ල විසිකිරීමේ ඉසව්වේ) හිමි කරගැනීමට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබල කේ.ඩබ්ලිව්.එල්. අජිත් සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කමක් (උස පැනීමේ ඉසව්වේ) දිනාගැනීමට ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි II පී.ඒ.එල්.පුෂ්ප කුමාර සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී රන් පදක්කමක් (හෙල්ල විසිකිරීමේ ඉසව්වේ) දිනාගැනීමට ගජබා රෙජිමේන්තුවේ සැරයන් එච්.එම්.ඩි.පී.හේරත් සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී රිදී පදක්කමක් (හෙල්ල විසිකිරීමේ ඉසව්වේ) දිනාගැනීමට විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් එච්.ඒ.පී.එස්. හෙට්ටිආරච්චි සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී රිදී පදක්කමක් (දුර පැනීමේ ඉසව්වේ) දිනාගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එම්.පී.එම්.ඉන්දික සමත්විය.

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දී රිදී පදක්කමක් (මීටර් 100 ඉසව්වේ) සහ රන් පදක්කමක් (මීටර් 200 ඉසව්වේ) දිනාගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඒ.ජි.යු. ඉන්දික සමත්විය. jordan Sneakers | Air Jordan 1 Retro High OG University Blue - Gov