Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2018 13:52:59 Hours

යාපනයේ භට පිරිස් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙත පාපැදි බෙදාදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල්වල සිසුන් දිරීගැන්වීමේ අරමුණින් පාපැදි සහ පාසල් උපකරණ බෙදාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් අඟහරුවාදා (23) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී දියත් කරන ලදී.

ඒ අනුව, යාපනය, වයවිලාන් ශ්‍රී වේලපුල්ලෙයි විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 164 ට වඩා ලබාගත් සිසුන් 13 දෙනෙකු ඇතුළු පාසල් බලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරින් විසින් තෝරාගනු ලැබු අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 20 දෙනෙකු වෙත මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම පරිත්‍යාග සිදුකරනු ලැබීය.

මෙම උත්සවය සඳහා ගුරුවරුන්, දෙමාපියන්, පාසල් ළමුන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. Sports News | Yeezy Boost 350 Trainers