Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2018 13:50:59 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය අභිමානවත් 29 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාවට වසර 29 ක් සපිරීම නිමිත්තෙන් උත්සව මාලාවක් අඟහරුවාදා (23) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම්. කිත්සිරි ගේ ආරාධනයකට අනුව සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග සහභාගි විය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් පිරිනැමු අතර ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල වස්තුව වන ‘කන්ඩුල’ ඇත්පැටවා පෙරටු කරගත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් 24 ක් සහ සෙසුනිලයින් 485 දෙනෙකුගෙන් සමන්විත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය.

අනතුරුව, සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන නිලධාරිතුමන් විසින් පෙළපාලිය පරික්‍ෂා කිරීම සඳහා ප්‍රධාන ආරාධිතා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ට ආරාධනා කරනු ලැබීය.

සම්මාන පෙළපාලියේ දී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග විසින් 2016, 2017 සහ 2018 වර්ෂයන්හි ශ්‍රී ලංකා පාබල හමුදාවේ හොඳම එ්කකය, 2018 අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ ජයග්‍රහණයන් සහ ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියේ රන් පදක්කම් ලාභින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනමනු ලැබීය. අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලයින් අමතනු ලැබීය.

ඉන් අනතුරුව, එම මූලස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස්හි ශ්‍රාම දායකත්වයෙන් ඉදිකරනු ලැබු ‘ජෙනරල්ගේ නිල නිවස’ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් විවෘත කරනු ලැබීය. රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රයකින් අනතුරුව උත්සව කටයුතු නිමාවට පත්විය. Buy Kicks | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ