Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 16:12:58 Hours

මිනුස්මා (MINUSMA) බලකා නැගෙනහිර ආඥාපති ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයට (Combat Convoy Company) සුභපැතුම් එක්කරයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ නැගෙනහිර ආඥාපති (බංගලාදේශ හමුදාවේ) බ්‍රිගේඩියර් ජෙනරාල් ඒ.ටි.එම්. ඇනිසුසාමන් (Brigadier General A. T. M Anisuzzaman) පසුගියදා මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) කාර්යභාරය පිළිබඳ සොයා බැලීම සඳහා නිල සංචාරයක නිරතවිය.

කඳවුරු පරිශ්‍රයට සපැමිණි ආඥාපතිතුමන් වෙත සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමමීන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව ආඥාපතිතුමන් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) භට පිරිස් අමතමින් මෙවැනි වෘත්තීමය භට කණ්ඩයක් අමතනු ලැබීම ඔහු ලද භාග්‍යක් බවත් මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය සිදුකරනු ලබන සේවය ද අගයන බවත් පැවසීය.

ආඥාපතිතුමන්, මෙම සංචාරය සනිටුහන් කරමින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. තවද ආඥාපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද අත්සනක් තැබීය. අනතුරුව පැවැති දිවා භෝජන සංග්‍රහයකින් උත්සව කටයුතු නිමාවට පත්විය. Buy Sneakers | FASHION NEWS