Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2018 13:52:21 Hours

කිලිනොච්චි සිවිල් වැසියන්ගේ ජිවන තත්ත්වය නගාසිටුවීම සඳහා පශු සම්පත් පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කෙරේ

කිලිනොච්චි සහ ඒ අවට ප්‍රදේශයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථීක තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය විසින් අඟහරුවාදා (23) දින ගව ගොවීන් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා පශු සම්පත් සහ ගව පට්ටි පාලනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් කිලිනොච්චි පහසුකම් මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

ඒ අනුව, 572 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු කිරිගවයින් පාලනය කිරීම තුලින් එම ගොවීන්ගේ ආර්ථික තත්ත්වය සංවර්ධනය කරගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂී අධ්‍යන පිඨයේ කථිකාචාර්ය වෛද්‍ය ගාමිණි වික්‍රමරත්න මහතා සහ කථිකාචාර්ය ආනන්ද කුමාර් මහතා විසින් මෙහෙයවනු ලැබීය. එහිදි, පශු සම්පත් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ඉතා අඩු මිලකට ගවයින් ලබා ගත හැකි ආකාරය පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ආදායම් මාර්ගය වඩාත් ඵලදායී ලෙස වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තවත් ක්‍රමවේදයන් පිළිබඳවත් සහභාගිවූවන් දැනුවත් කරන ලදී.

එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මඟපෙන්වීමෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත අඟහරුවාදා (23) දින වන්නි ‘Home of Joy’ ළමා නිවාසයේ නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන් 15 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරවේලක් ද ලබාදෙනු ලැබීය.

තවද ආඥාපතිතුමන්ගේ මඟපෙන්වීම මත 574 වන බලසේනාවේ භට පිරිස් විසින් ළමා නිවාසයේ නේවාසික ළමුන් සඳහා ත්‍යාග පර්සල් ද බෙදාදෙනු ලැබීය. මෙම වැඩසටහන 574 වන බලසේනාවේ 7 වන සංවත්සරයට සමගාමීව අඟහරුවාදා (23) දින දියත් කරන ලදී. short url link | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival