Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2018 15:05:12 Hours

‘හර්මටාන් - 2’ (Ex Harmattan) විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සාර්ථකව අවසන්

මාලි දේශයේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) සඳහා පවත්වනු ලැබූ ‘හර්මටාන් - 2’ (Ex Harmattan) විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි කිලෝමීටර 680 ක දුරක් සාර්ථකව ගමන් කර බ්‍රහස්පතින්දා (25) දින යාපනය, චුන්ඩිකුලම් හී පිහිටි 55 වන සේනාංක බළඇණි පුහුණු පාසලේ දී නිමාවට පත්විය.

මෙවර සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) සංග්‍රාමික රථ 60 ක් සහ සංග්‍රාමික රථ ආරක්‍ෂක භටයින් 400 කින් සමන්විත වූ අතර බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ගේ අණදිම යටතේ ‘හර්මටාන් - 2’ (Ex Harmattan) මෙම විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය බ්‍රහස්පතින්දා (18) දින චුන්ඩිකුලම් හිදී ආරම්භ විය. ඒ අනුව සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) මනල්කාඩු, පුනරීන්, වෙඩිතල්තිව්, මන්නාරම, ඔයාමඩුව, මහදිවුල්වැව, පානමඩවච්චිය, තේරුනමරන්වාඩිය, මූලතිව්, පරන්තන් සහ අයියකච්චි කුවේනි හන්දිය දක්වා ප්‍රදේශ ආවරණය කරමින් ගමන් කර නැවත පැමිණ බ්‍රහස්පතින්දා (25) දින චුන්ඩිකුලම් හිදී අවසන් විය. මෙම සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ භට පිරිස් සිය පෙරහුරුව සාර්ථකව සිදුකිරීමේ දී රැකසිට පහරදීම, ත්‍රස්තවාදි ප්‍රහාරයන් ආදි පුහූණු නිදර්ශක ප්‍රහාරයන් සඳහා මුහුණදෙනු ලැබීය.

මෙහි සමාප්ති උත්සවය බ්‍රහස්පතින්දා (25) දින චුන්ඩිකුලම් හිදී පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ‘හර්මටාන් - 2’ අභ්‍යාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, නියෝජ්ය අභ්‍යාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා ද එක්ව සිටි අතර, එහිදි මෙම අභ්‍යාසය සඳහා සහභාගි වූ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ සියලුම භට පිරිස් වෙත සහතික පත් ද ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ, යාන්ත්‍රික පාබල සහ සැපයුම් භට කණ්ඩායම් වලින් සැදුම්ලත් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) මාලි රාජ්‍යයේ ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණදෙන ආකාරය පිළිබඳ ‘හර්මටාන් - 2’ (Ex Harmattan) ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය තුලින් සාමසාධක රාජකාරී සඳහා සහභාගි වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් හට පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරයි. එමෙන්ම, ඔවුන්ට පැවරෙන රාජකාරින් කාර්යක්ෂමව හා ප්‍රතිඵලදායි ලෙස ඉටුකිරීම සදහා මෙම පුහුණු අභ්‍යාසය තුලින් ඉමහත් ප්‍රතිලාභයක් සැලසේ. තවද මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මූලස්ථානයේ නිලධාරින් විසින් පුහුණු කටයුතු පිළිබඳව සහ පුහුණුවේ ඇති සාර්ථකත්වය පිළිබඳ අධීක්ෂණය කරනු ලබයි.

මෙවර සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් කේ.එල්.අයි. කරුණානායක කටයුතු කරන අතර දෙවන අණදෙන නිලධාරි ලෙස මේජර් පී.ජි.ජේ. සුරියසේන කටයුතු කරනු ලබයි. මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා මෙවර පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමජිකයින් ඇතුළුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායන්ට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝහල සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සමාජිකයින්ද මෙම සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට (Combat Convoy Company) ඇතුලත්ය. පසුගිය වසරේ දෙසැම්බර් මස මාලි රාජ්‍ය බලා පිටත්ව ගිය ශ්‍රි ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) වසරක පමණ කාලයක් රාජකාරී කිරීමෙන් අනතුරුව ඔවුන් මුදවා හැරීම සඳහා නිලධාරින් 20 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 240 දෙනෙකුගෙන් සමන්විත මෙවර සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) නුදුරේදි දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

වර්තමානය වනවිට ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 19,000 කට අධික සංඛ්‍යාව එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් ඉතා සාර්ථක අයුරින් ඉටු කර ඇති අතර ඒ සදහා යුධ නිරීක්‍ෂකයින් (156), මාණ්ඩලික නිලධාරින් හා මාණ්ඩලික නිලධාරි සඳහා සහායකයින් ඇතුළුව විශාල භට පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදි ඇත. මේ වන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් ලෝකයේ විවිධ ප්‍රදේශවල එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින්හි නිරතව සිටින අතර, ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර් හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 150, දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 66 ක්ද (දකුණු සුඩානයේ 2 වන කාණ්ඩයේ රෝහලේ සේවය කරන පිරිස සමගින්), එක්සත් ජාතින්ගේ මාලි දේශයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුමේ යුද්ධ හමුදා සාමාජිකයින් 65 ක්ද මීට අමතරව, යුද්ධ හමුදා නිලධාරින් 26 දෙනෙකු එක්සත් ජාතින්ගේ මාණ්ඩලික නිලධාරින් වශයෙන් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරින් 02 ක් ඇතුළුව නිලධාරින් 18 දෙනෙකු බටහිර සහාර, කොන්ගෝ, දකුණු සුඩානය, මධ්‍යම අප්‍රිකා ජනරජය, අබේ සහ නිව්යෝක් රාජ්‍යන්හි හමුදා නිරීක්‍ෂකයින් වශයෙන් රාජකාරි ඉටු කරනු ලබයි.

තවද 2005 සහ 2007 වර්ෂයන් හිදී ජාත්‍යන්තර සාමසාධක මෙහෙයුම් ඉටුකරමින් සිටියදී ශ්‍රි ලංකා සාමසාධක භටයින් තිදෙනෙකු සිය ජිවත පූජා කල අතර ඔවුනට ගෞරවයක් වශයෙන් එක්සත් ජාතින්ගේ ඩැග් හැමර්ෂල් පදක්කම (UN Dag Hammarskjold Medal) ද හිමිගන්වා ඇත. Best Authentic Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ