Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 13:00:52 Hours

ගැමුණු හේවා බළඇණි අරමුදල් සදහා වු ලොතරැයි පත් දිනුම් ඇදීමේ ජයග්‍රහකයින් තෝරාගනියි

‘මිනිපූර ගැමුණු නද’ අරමුදල් රැස් කිරීමේ වෙළඳප්‍රදර්ශනය සහ විනෝද සැණකෙලිය සැප්තැම්බර් මස 28 සහ 29 යන දිනයන් හි දී කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු ක්‍රිඩාංගණයේ පැවැති අතර, එ් වෙනුවෙන් වූ ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රහකයින් සඳහා ත්‍යාග පිරිනැමිම සෙනසුරාදා (20) දින ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

‘මිනිපුර ගැමුණු නද’ ලොතරැයි දිනුම් ඇදීමේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා මෙහි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරණ අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරු සුජීව අමරසූරිය මහතා සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකා මධ්‍යස්ථාන සේනාධිනායක, අණදෙන නිළධාරීන් හා මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ.

කුසපත් ඇදීමේ ජයග්‍රහකයින් පහත පරිදි වේ;

පළමු ත්‍යාගය - Datsun Redi Go වර්ගයේ මෝටර් රථයක් එච්.එම්.ඩීසවීන් කුමාරසිරි මහතා

දෙවන ත්‍යාගය - මහින්ද්‍රා ත්‍රිරෝද රථය ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.ඒ කුමාර - 17 ගැහේබ

තෙවන ත්‍යාගය - මහින්ද්‍රා යතුරු පැදිය යු.ජි.උපාලි සමරසිංහ මහතා

හතරවන ත්‍යාගය - මහින්ද්‍රා ස්කූටරය එම්.එම්. ජානක පුෂ්පකුමාර මහතා

පස්වන ත්‍යාගය - එල්ඊඩි රුපවාහිණි යන්ත්‍රයක් බි.පි. දිල්ශාන් ප්‍රදිප් මහතා jordan Sneakers | Nike for Men