Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 12:30:52 Hours

56 වන සේනාංකය සිය 21 වන සංවත්සරය සමරයි

වවුනියාව, කෝකෙලිය ප්‍රදේශයේ ස්ථානගත 56 වන සේනාංකය සිය 21 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් ඔක්තෝබර් මස 15 දින සිට 17 දින දක්වා වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත්ව සමරනු ලැබීය.

සංවත්සර සැමරුම් වැඩසටහනේ පළමු අංගය ලෙස සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හට ආශිර්වාද පැතීම මෙන්ම රටවෙනුවෙන් දිවි පිදු රණවිරුවන් හට පිං පැමිණවීමේ අරමුණින් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී සඳුදා (15) දින සන්ධ්‍යාවේ පිරිත් සජ්ඣායනාමය පිංකමක් පැවැති අතර ඊට පසු දින (16) උදෑසන දානමය පිංකමක් ද පැවැත්විය.

හමුදා සම්ප්‍රදායානුකූලව, 56 වන සේනාංකය සිය 21 වන සංවත්සරය සමරමින් එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව සේනාංකාධිපතිතුමන් සියලු නිලයින් සඳහා පැවති දිවා භෝජන සංග්‍රහය සඳහා ද එක්විය.

යුද්ධ හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයට රණවිරු රියල් ස්ටාර් ගායක ගායිකාවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනනය කරමින් බදාදා (17) දින සන්ධ්‍යාවේ පැවති සංගීත සැඳැව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

තවද, මෙම සේනාංකය 1997 ඔක්තෝම්බර් මස 17 වන දින කනගරායන්කුලම් හිදී විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩි.එස් චන්ද්‍රපාල ගේ අණදීම යටතේ ආරම්භ කරන ලදි. Best jordan Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers