Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2018 19:19:42 Hours

නික්ම යන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති වෙත හමුදා ආචාරය

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් ඉතා විශිෂ්ට සේවාවක් ඉටුකරමින් සිය ධුරයෙන් නික්මයන මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් වෙනුවෙන් සඳුදා (22) උදෑසන දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී සමුගැනීමේ නිල උත්සවයක් පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් රාහුල වීරවර්ධන විසින් මෙහි සපැමිණි මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, උණුසුම් අයුරින් පිළිගත් අතර, 18 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

අනතුරුව නික්ම යන ආඥාපතිතුමා විසින් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සියලුම නිලයින් අමතමින් සිය ධුරයේ රාජකාරි කළ කාලය තුල දී ඔවුන් තමා වෙත ලබාදුන් නොමද සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුද කළ සිටියහ.

තවද, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමා සිය කාර්යාලයෙන් නික්මයාම සනිටුහන් කරමින් සමරු පො‍තෙහි අදහස් කිහිපයක් ද සටහන් කළ අතර, නික්ම යන මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් වෙත සුභ පැතීම සඳහා සියලු නිලයින් එක්වූහ.

මීට සතියකට පෙර මේජර් ජෙනරාල් ඩයස්, 11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ සංචාරය කරමින් එම සේනාංකයන්හි පැවති සමුගැනීමේ උත්සව සඳහා ද සහභාගි විය.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පැවති සමුගැනීමේ උත්සවය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති, 12 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, සෙසු නිලයින් සහ යුද්ධ හමුදා පුහුණු අණසක හි මෙන්ම අනෙකුත් පුහුණු ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගි වූ අතර, නුඳුරේ දී මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් මධ්‍යම ආරක්ෂක සේනා නව ආඥාපති ලෙස රාජකාරි භාරගනු ලැබේ.

එමෙන්ම, මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීමට ද නියමිතය. Asics footwear | Air Jordan