Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2018 14:30:07 Hours

පෙර පාසල් ළමුන්ට නවීකරණය කරන ලද උද්‍යානයක් තිළිණ කෙරේ

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 683 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිය වෘත්තිය දැනුම උපයෝගි කරගනිමින් නවීකරණය කරන ලද තේරාවිල් මතුෂා පෙර පාසලෙහි ළමා උද්‍යානය පාසල් බලධාරීන් වෙත භාරදිම සිකුරාදා (19) දින සිදුකරන ලදි.

තවද මෙම අවස්ථාවේ දී පාසලේ ඉගෙනුම ලබන ළමුන් සදහා පෙර පාසල් උපකරණ තොගයක් ද බෙදාදෙනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වූ අතර පෙරපාසලේ ගුරුවරුන්, ළමුන් සහ දෙමාපියන් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Running sport media | Marki