Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2018 14:14:37 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් අසරණ පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සහ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ මුලිකත්වයෙන් නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ආබාධිත දෙදරු පියෙකු සඳහා නව නිවසක් ඉදිකරදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ලබාදුන් අතර, ෆොන්ටේරා බ්රෑන්ඩ් සමාගම (Fonterra Brand Company) ඒ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබීය.

බරපතල රිය අනතුරකින් ආබාධිත තත්වයට පත්ව සිටින වැලිමඩ, නුගතලාව ප්‍රදේශයේ පදිංචි කරුණාදාස මහතාට පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනෙකු සිටින අතර, වෙනත් කිසිදු ජීවනෝපාය මාර්ගයක් නොමැතිකම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපතිතුමා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම නිවස ඉදිකරදීමට මුලිකත්වය ගනු ලැබීණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිගේ පුර්ණ අධීක්‍ෂණය මත අනුග්‍රාහකයින්ගේ ද සහයෝගය ඇතිව 2018 ජූලි මස 09 දින ආරම්භ කරන ලද මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු තෙමසක් වැනි කෙටි කාලයක් තුලදි නිම කිරීමට භට පිරිස් සමත්විය.

ඒ අනුව, සිකුරාදා (19) දින මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති සහ අනුග්‍රාහක භවතුන්ගේ මුලිකත්වයෙන් පැවති උත්සවයක දී කරුණාදාස මහතා වෙත නව නිවසේ යතුරු භාරදෙනු ලැබීය.

මීට අමතරව, ගම්වැසියන් කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව එම මහතාගේ දරුවන් දෙදෙනා වෙත ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කරන ලද අතර, අනුග්‍රාහකයින් වෙත විශේෂ ස්තුතියක් ද පිරිනමන ලදි. Best Authentic Sneakers | nike fashion