Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2018 07:58:13 Hours

‘හාර්මටාන් - 2’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ දෙවන දිනය මනල්කාඩු හීදි ආරම්භ වේ

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ‘හාර්මටාන් - 2’ (Harmattan -2) සිකුරාදා (19) දින උදෑසන මනල්කාඩු සිට වෙඩිතලතිව් දක්වා ගමන් ආරම්භ කරනු ලැබීය.

මෙම අභ්‍යාසයේ දෙවන දිනය සඳහා සංග්‍රාමික රථ 60 ක් සමගින් සංග්‍රාමික රථ ආරක්‍ෂක භටයින් 400 ක පමණ පිරිසක් මනල්කාඩු, පේදුරුතුඩුව සහ චාවකච්චේරි හරහා වෙඩිතලතිව් දක්වා ළඟා විය. මෙම රථ පෙළට පළමු ආදර්ශ ප්‍රහාරය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී එල්ල වු අතර සංගුපිඩ්ඩි පාළම අසල දී දෙවැනි ආදර්ශ ප්‍රහාරය එල්ල විය. එම ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණදුන් රථ පෙළ අභ්‍යාසයේ දෙවන දින වෙඩිතලතිව් කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසලේ දී නිමාවට පත්විය.

මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ දී ආරක්‍ෂක භට කණ්ඩය වෙත සතුරු ප්‍රහාරයන් එල්ල කිරීමට උත්සහ දරණ අතර භට පිරිස් විසින් එම අභීයෝගයන්ට සාර්ථකව මුහුණදෙමින් අභ්‍යාසය සිදුකරයි. ‘හාර්මටාන් - 2’ (Harmattan -2) ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය එක්සත් ජාතීන්ගේ ක්‍රියාපටිපාටියට අනුකූලව සිදුකරනු ලබයි.

එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙනීන් හට මනා දැනුමක් හා අවබෝධයක් ලැබෙනු ඇත. Best Nike Sneakers | Nike Shoes