Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2018 23:16:53 Hours

ආරක්‍ෂක අමාත්‍යාංශයේ විවිධ ව්‍යාපෘති හරහා රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත රුපියල් මිලියන 800 ක ප්‍රතිලාභ ප්‍රදානය කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් දියත් කරනු ලබන අතර, ඉන් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ, ආබාධිත තත්ත්වයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ ළමුන්, බිරින්දෑවරුන්, දෙමාපියන් සහ ඥාතීන් ඇතුළු ප්‍රතිලාභීන් 1262 ක් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (18) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේදි පැවති උත්සවයක දී රුපියල් මිලියන 800 ක් වටිනා ප්‍රතිලාභ ප්‍රදානය කරන ලදී.

මෙම ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන, ආරක්‍ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන ‘මෙත් සෙවන’ අර්ධ නිවාස ව්‍යාපෘතිය (ජාතික ආරක්‍ෂක අරමුදල), 5 වසර ශිෂ්‍යත්වය සමත් සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ ළමුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම (ජාතික ආරක්‍ෂක අරමුදල), සන්නද්ධ හමුදා සුබසාධන අංශය මඟින් රණවිරුවන් හට රජයේ ඉඩම් කොටස් ලබාදීම (ආරක්‍ෂක අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපාදන), ‘අපි වෙනුවෙන් අපි’ අර්ධ නිවාස ව්‍යාපෘතිය සහ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතින් (අපි වෙනුවෙන් අපි අරමුදල) ආදී ව්‍යාපෘති කිහිපයක් යටතේ රුපියල් 750,000 / = බැගින් ප්‍රතිලාභීන් 300 ක් (රුපියල් මිලියන 197.43), රණවිරු දූ දරුවන් හට රුපියල් 25,000 / = බැගින් ශිෂ්‍යත්ව 278 ක්, (රුපියල් මිලියන 6.95), ඉඩම් ප්‍රතිලාභී රණවිරුවන් හට හිමිකම් සහතිකපත් 84 ක්, ත්‍රිවිධ හමුදා ප්‍රතිලාභි රණවිරුවන් හට මූල්‍යාධාර සහ ත්‍රිවිධ හමුදා ප්‍රතිලාභී රණවිරුවන්ගේ ඉදිකර අවසන් කර ඇති සම්පූර්ණ නිවාස සඳහා රුපියල් මිලියන 505.55/= වටිනාකමින් යුත් හිමිකම් සහතිකපත් ද මෙහිදි ප්‍රදානය කරන ලදි.

මෙම ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ආරම්භ කරමින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟින් ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

එහිදි ආරක්‍ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා විසින් පිළිගැනීමේ කථාව සිදුකරමින්, මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සංකල්පය සහ ක්‍රමවේදය පිළිබඳ ඉදිරිපත් කිරීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා වෙත ආරාධනා කර සිටියහ.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ගරු අමාත්‍යතුමන්, ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් විසින් ප‍්‍රතිලාභ ප‍්‍රදානය සංකේතවත් කරමින් ප්‍රතිලාභ ලාභීන් කිහිපදෙනෙකුට ප‍්‍රතිලාභ ප‍්‍රදානය කරනු ලැබීය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මෙහි ස්තුති කථාව සන්නද්ධ බුද්ධි බලකායේ බළලත් නිලධාරි I ජේ.එම් සිසිර කුමාර ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරි විසින් සිදුකළහ.best Running shoes | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth