09th October 2018 21:18:05 Hours
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු දාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇල්පිටිය, අවිත්තාව පාලමේ සහ ගාල්ල, වක්වැල්ල පාලමේ සිරවී තිබු උණ ගස් සහ කුණු කසල ඉවත් කිරීමට බ්රහස්පතින්දා (09) දින 581 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් සමත් විය.
අඳික වර්ෂාපතනය හේතුවෙන් ඇළ මාර්ගයේ ජල මට්ටම ඉහළ ගොස් දෙපස තිබු ගස් කැඩි පාලමේ සිරවී තිබු අතර ඒ පිළිබඳ සැලවූ වහාම යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ යුහුසුළුව ක්රියාත්මක වී පැය කිහිපයක් තුල පාලම් දෙකෙම සිරවී තිබු ගස් කපා ඉවත් කිරීමට සමත් විය. buy shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092