Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2018 18:54:37 Hours

පකිස්තාන ආරක්ෂක ලේකම් යුද්ධ හමුදාධිපති හමුවේ

පස් වන වරටත් පැවැත්වීමට නියමිත පාකිස්ථාන - ශ්‍රී ලංකා ආරක්‍ෂක කතිකාවත සඳහා සහභාගීවීමට දිවයිනට පැමිණි පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ඉක්රම් උල් හක් (Lieutenant General Ikram-ul-Haq (Retd)) බ්‍රහස්පතින්දා (04) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහි පැමිණි සංචාරක පකිස්තාන ආරක්ෂක ලේකම් පිළිගැනීම යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් සිදු කරනු ලදි.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති එම හමුවේ දී යුද්ධ හමුදාධිපති සහ පකිස්තාන ආරක්ෂක ලේකම්, නව පුහුණු මොඩියුල් සහ හමුදා අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් දෙරටේ හමුදාවන්ට අදාළ වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබීය. එසේම, කලාපයේ ආරක්ෂක සංවර්ධන කටයුතු සහ මුහුදු මාර්ග හරහා නීති විරෝධී ජාවාරම් කිරීම පිළිබඳවත් මීට පෙර පැවති පාකිස්ථාන - ශ්‍රී ලංකා ආරක්‍ෂක කතිකාවන් පිළිබඳවත් එහිදි අවධානය යොමුවිය.

මෙම හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

පකිස්තාන ආරක්ෂක ලේකම් යුද්ධ හමුදාධිපති හමුවිමට ප්‍රථම බදාදා (03) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහ ගුවන් හමුදා මුලස්ථානයේ දී ගුවන් හමුදාධිපති හමු වූ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ නාවික හමුදාධිපති ද හමුවිමට නියමිතය.

සංචාරක නියෝජිත පිරිස මෙම කතිකාවත අවසානයේ මහනුවර සහ පේරාදෙණිය උද්භිත උද්‍යානයේ සංචාරයක නිරිත වීමට ද නියමිතය.

පාබල හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහ පකිස්තාන තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali) ද යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා එක්ව සිටියහ. short url link | Women's Designer Sneakers - Luxury Shopping