Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2018 21:07:26 Hours

69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘හින්දු’ ආශිර්වාද පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 69 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ දී බ්‍රහස්පතින්දා (04) දින පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ‘අභිෂේකම්’ පූජාවේදී යුද්ධ හමුදා ධජයන් කෝවිල් මන්දිරයට රැගෙන සම්ප්‍රදායිකව හින්දු ආගමික වතාවත් සිදුකර ආශිර්වාද කරන ලදී.

මෙම ආගමික උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සාදරයෙන් පිළිගනු ලැබීය.

එහිදි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආශිර්වාද ගැන්විම උදෙසා යුද්ධ හමුදා ධජය, කෝවිලේ ප්‍රධාන පූජකතුමා වෙත පිළිගැන්වීය.

පූජ්‍ය සිවා ශ්‍රී සුරේෂ්වර ප්‍රධාන පූජකතුමා (කුරුක්කල්) ප්‍රමුඛ දස දෙනෙකුගෙන් යුත් හින්දු පූජකවරුන් පිරිසක් විසින් හින්දු ආගමික චාරිත්‍රානුකූලව යුද්ධ හමුදාවට ආශිර්වාද පතා මෙම ආගමික මෙහෙය සිදුකරන ලදි.

මෙම සම්ප්‍රදායික ‘අභිෂේකම්’ පූජාව, පළතුරු සහ ගීතෙල් පූජාවකින් සමන්විත වූ අතර, හින්දු ආගමික චාරිත්‍රයක් වන ජලයෙන් සහ සුවඳ ද්‍රව්‍යයන්ගෙන් දේව ප්‍රතිමා දෝවනය ද එහිදි සිදු කෙරිණි.

තවද, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කරනු ලැබීය.

යුද්ධ හමුදා හින්දු සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙම ඵෙතිහාසික හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සිවා ශ්‍රී සුරේෂ්වරතුමාගේ උපදෙස් අනුව ආගමික චාරිත්‍ර ඉටුකරන ලදි.

මෙම ආශිර්වාද පූජාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. Buy Sneakers | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf