Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2018 22:40:48 Hours

නව ආධුණික සෙබළුන් 209 ක් ‘රට රකින ජාතිය’ සමඟ එක්වෙයි

ගාල්ල, බුස්ස ආධුණික පුහුණු පාසලේ ආධුණික පුහුණු පාඨමාලා අංක - 99 යටතේ මාස 06 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු නව ආධුණික සෙබළුන් 209 දෙනෙකු සෙනසුරාදා (29) දින පැවැති උත්සවයක දී විසිර යන ලදී.

සංස්කෘතික සංදර්ශනයක්, වර්ණවත් ශාරීරික අභ්‍යාස සංදර්ශණයක්, තුර්ය වාදක සංදර්ශණයක් සහ ටයිකොන්ඩෝ සටන් ක්‍රම ඇතුළත් සංදර්ශණයකින් ද සමන්විතව හමුදා සම්ප්‍රදානුකුලව මෙම විසිරයාමේ පෙළපාලිය පැවති අතර විසිරයන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ යහළු හිතමිත්‍රාදීන් ද මෙම අවස්ථාව නැරඹිම සඳහා පැමිණ සිටියහ.

මෙම විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් ඩි.කේ කලුවදේව ගේ ආරාධනයකට අනුව 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එල්.එස්.කේ. පෙරේරා සහභාගි විය.

එහිදි පාඨමාලාවේ විවිධ දක්‍ෂතා දැක්වූවන් හට විශේෂ කුසලතා සම්මාන ප්‍රදානය කරන ලදී.

පාඨමාලාවේ සෑම අතින්ම අතිශුර සෙබළා ලෙස ආධුණික සෙබළ ආර්.එම්.සී.බී. රජපක්‍ෂ සම්මනය හිමිකරගත් අතර දක්‍ෂතම ශාරිරීක යෝග්‍යතාවය ඇති සෙබළා ලෙස අධුණික සෙබළ ආර්.ඩි.එන්.ආර්. ලක්ෂාන් තේරිපත් විය. පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ආධුණික සෙබළ බී.අයි.එම්. කුමාර තේරිපත් විය.

පාඨමාලාවේ සියලුම සෙබළුන් අභිබවා න්‍යායාත්මක හා ප්‍රයෝගික අංශයන්හි ඉහළම ලකුණු ලබාගනීමින් සෑම අතින්ම අතිශුර සෙබළා ලෙස ආධුණික සෙබළ ආර්.එම්.සී.බී. රජපක්‍ෂ ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් සම්මාන හිමිකරගත්හ.

තවද, පාඨමාලාවේ හොඳම ඛණ්ඩය ලෙස පළවන ඛණ්ඩය තේරිපත් වූ අතර, හොඳම ඛණ්ඩභාර නිලධාරි ලෙස කපිතන් සී. අධිකාරි තේරිපත් විය. එමෙන්ම, හොඳම ඛණ්ඩභාර සැරයන් ලෙස සැරයන් යු.ජි. නෙවිල් ප්‍රසංග තේරිපත් වූ අතර දක්‍ෂතම පෙළ අණදෙන්නා ලෙස ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.පී.කේ. රත්නායක තේරිපත් විය.

මීට අමතරව, පාඨමාලාවේ හොඳම ශාරීරික අභ්‍යාස උපදේශක ලෙස ලාන්ස් කෝප්‍රල් කේ.කේ.කේ. කුලතුංග සම්මාන හිමිකරගත්හ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ විසිරයන නව ආධුණිකයින්ගේ දෙමාපියන්, ඥාතීන් සහ හිතමිත්‍රදීන් රැසක් සහභාගි වූහ. Asics footwear | Air Max