Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2018 22:48:48 Hours

ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගේ චරිතාප්‍රදානය එළිදැක්වේ

ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රථම සැන්ඩර්ස්ට් රාජකීය හමුදා විද්‍යාපීඨයේ උපාධිධාරීයෙකු වූ හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු වන දිවන්ගත ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගේ ගුණානුස්මරණ පිළිබඳ විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ (Association of Retired Flag Rank Officers) ජෙනරාල් ජෙරී ද සිල්වා ප්‍රමුඛ සාමාජිකයින් කණ්ඩායමක් විසින් රචිත ‘ජෙනරාල් ඩෙනිස්, නායකත්වයේ සංක්ෂේපය’ (General Denis, the Epitome of Leadership) යන ග්‍රන්ථය එළිදක්වනු ලැබීය.

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ දී සෙනසුරාදා (29) දින සන්ධ්‍යාවේ පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන සහභාගි වූහ. තවද විශේෂ ආරාධිතයින් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපති, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය කුලපති, විද්වතුන්, හිටපු හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක විෂ්ලේශකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගි වූහ.

මෙම ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවයේ දී පළමු පිටපත ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පිරිනැමු අතර ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිතුමන්ට සහ දිවන්ගත ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගේ පවුලේ සාමාජිකයින් වෙත ද සැමරුම් උත්සවයේ දී ග්‍රන්ථයේ පිටපත් පිරිනමනු ලැබීය.

මෙම ග්‍රන්ථය විවිධ පැතිකඩයන් සම්බන්ධයෙන් වැදගත් වේ. දිවන්ගත ජෙනරාල් තුමන් ශ්‍රී ලංකාවට නිදහස උදාවීමෙන් පසු සැන්ඩර්ස්ට් රාජකීය හමුදා විද්‍යාපීඨයේ (Royal Military Academy Sandhurst) පළමු කණ්ඩායම යටතේ කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් පුහුණුව හදාරනු ලැබීය. එතැන් පටන් ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගේ වෘත්තීය සහ හමුදාමය සේවයේ විකාශනය සහ වර්ධනය පිළිබඳ මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ.

මෙම ග්‍රන්ථයේ දී, තරුණ නිලධාරියා වෙත පවරන ලද කාර්යභාර්යන් නිර්භීතව හා වගිකීමේන් යුක්තව ක්‍රියාත්මක කිරීමෙහිලා ඔහු සතුවූ හැකියාව තුලින් ජ්‍යෙෂ්ඨත්වය කාර ළඟාවීම පිළිබඳව සටහන් වේ. ජෙනරාල් ඩෙනිස් පෙරේරා 1949 ඔක්තෝබර් 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ අතර එතුමන්ගේ ජන්මදිනය සහ යුද්ධ හමුදාවේ ආරම්භ වූ දිනය ද එදින වූ බව කර්තෘ ගේ පෙරවදනෙහි සටහන්ව ඇත.

එතුමන්, යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වශයෙන් කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාව, පැපුවා නිව් ගිනියා සහ ෆීජි ඇතුළු රටවල් කිහිපයක පුද්ගලික අංශයේ සමාගම් කිහිපයක අධ්‍යක්‍ෂ මණ්ඩලහි සභාපති මෙන්ම සාමාජිකයෙකු ලෙස වගකීම් හා කාර්යභාර්යන් මනා ලෙස ඉටු කල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසද මෙම ග්‍රන්ථයේ සටහන් වේ.

1949 ඔක්තෝබර් 10 වන දින ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ වූ අතර එදිනට යෙදී තිබුණු 19 වන ජන්ම දිනයේ දී ශ්‍රී ලංකා හමුදාවට එක් වූ ජෙනරාල් ඩෙනිස් පෙරේරා කිර්තීමත් යුද්ධ හමුදා දිවියකට උරුමකම් කියමින් සැන්ඩර්ස්ට් රාජකීය හමුදා විද්‍යාපීඨයට (Royal Military Academy Sandhurst) බැඳි පාඨමාලා නිමාවෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්විය. එතුමන් දියතලාවේ දී නව ඉංජිනේරු ඒකකයක් පිහිටුවා ස්ථානගත කරන ලදී. අනතුරුව 1953 වර්ෂයේ දී ලංකා ඉංජිනේරු නිලධාරියෙකු වශයෙන් නවතමයෙන් ස්ථාපනය කරන ලද පනාගොඩ කඳවුර වෙත ස්ථාන මාරුවිම් ලැබීය. පසුව එතුමන් 1957 වර්ෂයේ දී රාජකීය හමුදා ඉංජිනේරු පාසල වෙතින් සහ 1961 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය හමුදාවේ කෙම්බර්ලි මාණ්ඩලික විද්‍යාලය වෙතින් පුහුණු පාඨමාලාවන් හැදැරීය.

එතුමන්ගේ කීර්තිමත් හමුදා දිවිය තුල ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස වසර තුනකට අධික කාලයක් සේවය කල අතර එතුමන් වර්ෂ 1969 සිට 1972 දක්වා යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක වශයෙන් කටයුතු කළහ. පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලෙස රාජකාරි කරනු ලැබීය. ජෙනරාල් ඩෙනිස් පෙරේරා, 1977 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීමට පෙර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ද රාජකාරී කළහ. එතුමන් වසර 46 ක හමුදා දිවිය තුල යුද්ධ හමුදාධිපති ධූරයට පත්වු පළමු ඉංජිනේරු නිලධාරියා ද වේ. එතුමන් 1981 වර්ෂයේ දී ලුතිනන් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගියහ. ජෙනරාල් ඩෙනිස් පෙරේරා 2013 අගෝස්තු මස 11 වන දින අභාවප්‍රාප්ත විය. latest Running Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf