Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2018 14:19:26 Hours

බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් සාමුහිකත්වයේ වැදගත්කම අවධාරණය කරයි

බෙංගාලයේ ආරම්භ කරනු ලැබු බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුව කලාපීය යහපැවැත්ම සඳහා විසඳුම් සෙවීමේ අරමුණන් සාමාජික රාජ්‍යන්හි යුද්ධ හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ, පූනේ හිදී පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුවේ පළමු සමුළුව දකුණු ආසියාවේ දී පැවැති අතර, ඉන්දිය යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු මෙවර වැඩමුළුවේ දී ‘ත්‍රස්තවාදි තර්ජන හා අන්තර් ජාතික අපරාධ සම්බන්ධව කටයුතු කිරීමට යෝග්‍ය කලාපීය ආරක්‍ෂක සැලසුමක් නිර්මාණය කිරීමේ හැකියාව’ යන ප්‍රධාන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ආරාධනා කරනු ලැබීය.

මෙම බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුවේ දී ‘හමුදා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස’ (MILEX - 2018) තුලින් සාමාජික රටවල් අතර ත්‍රස්තවාදය මැඩලීම සඳහා අවශ්‍ය උපාය මාර්ගීක ක්‍රියාකාරකම් හා අර්ධ නාගරික ප්‍රදේශයන්හි වටලා සෙවීමේ මෙහෙයුම් ආදීහි දැනුම හුවමාරු කරගැනීම ඉලක්ක කරගනීමන් යුද අභ්‍යාසයක් ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවාට් (General Bipin Rawat) ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ දක්‍ෂිණ විධානයේ හමුදා ඉන්ජිනේරු විද්‍යාලයේ දී ආරම්භ කර සැප්තැම්බර් මස 10 දින සිට 16 දින දක්වා පැවැත්විණි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat), බංගලාදේශ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අෂිස් අහමඩ් (General Aziz Ahmed), මියන්මාර ආරක්‍ෂක සේවා ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදා ප්‍රධානී නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරි සෝ වින් (Vice Senior General Soe Win), රාජකීය තායි සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (මෙහෙයුම්) ලුතිතන් ජෙනරාල් චෝචාර්ට් බූක්හොන් (Lieutenant General Choochart Buakhao) සහ රාජකීය බුතාන් යුද්ධ හමුදාවේ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි බ්‍රිගේඩියර් ඩොර්ජි රින්චන් (Brigadier Dorji Rinchen) සහ උසස් රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් සහභාගි වූහ. ඉන්දියාවේ හිටපු තානාපති ජි. පරසාර්ති මහතා (Mr G Parasarthy) යුද්ධ හමුදා ප්‍රධානීන් මෙහෙයුම් ප්‍රධානී මෙන්ම සන්නද්ධ හමුදාවන්හි අන්තර් ක්‍රියාකරු වශයෙන් කටයුතු කල අතර බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුවේ දී ත්‍රස්තවාදය මර්ධනය කිරීම හා අනත්ර්ජාතික අපරාධ, ආරක්‍ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ අන්තර් හා අභ්‍යන්තර කටයුතු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම සමුළුවේ දී අදහස් දක්වමින් මත්ද්‍රව්‍ය නිවාරණය, මිනිස් ජාවාරම්, අන්තර්ජාතික අපරාධ සහ ත්‍රස්තාවාදය යන ගැටළු පිළිබඳ අවධානයක් යොමු කරමින් අන්තර්ජාතික අපරාධ සහ ත්‍රස්තවාදි අභියෝගයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වඩාත් ඵලදායි කලාපීය ආරක්‍ෂක සැලසුම් පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

මානව හිමිකම් මූලධර්ම උල්ලංගනය කිරීමට අමතරව ත්‍රස්තවාදය විසින් රාජ්‍යයන්හි ජාතික ආරක්‍ෂාව සඳහා තර්ජනාත්මක ලෙස ක්‍රියාත්කවන බවත් එම අන්තර් ක්‍රියාකාරි කණ්ඩායම් කෙරෙහි අවධානයෙන් යුක්තව ක්‍රියා කලයුතු බවත් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය දේශනයේ දී පෙන්වාදුන්හ.

“ත්‍රස්තවාදය, අන්තර්ජාතික අපරාධ සහ රැඩිකල්වාදය කලාපය තුළ සියලු රාජ්‍යන්හි ප්‍රබල සහයෝගීතාවයෙන් පමණක් විසඳා ගත හැකි බව ශ්‍රී ලංකා රජය පිළිගන්නා බවත් මෙම තර්ජනය මැඩපැවැත්වීම සඳහා මූලික ප්‍රයත්නයන් ද වැදගත් බවත්” ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන් ත්‍රස්තවාදය සහ ත්‍රස්ත විරෝධී කණ්ඩායම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තර්ජනයක් වූ ආකාරය පිළිබඳ මෙහිදි සිහිපත් කළහ. “ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සමඟ තිස්වසරක යුද්ධයක් පැවැති බවත් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කල බවත් පැවසීය. තවද ශ්‍රී ලංකා රජය සාම සාකච්ඡා සඳහා සුදානම් වූවද එල්.ටී.ටී.ඊ සංවිධානය මෙම අවස්ථාවන්හිදි තම මෘදු බලය භාවිතා කරමින් නැවත සංවිධානයවීම සඳහා කටයුතු කල බවත් අවසානයේ මෘදු බලය සහ දෘඩ බලය භාවිතා කරමින් ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කල බවත්” ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

තවද එතුමන් “අනාගතයේ දී ත්‍රස්තවාදය දුරලීම සඳහා මෘදු බලය සහ දෘඩ බලය යන දෙකෙහිම භාවිතය අවශ්‍ය බවත් ශ්‍රී ලංකාව දැනටමත් එය අත්විඳින බවත් දමිළ ඩයස්පෝරාව විසින් මැතිවරණයක් පවත්වා දෙමළ ඊළාම් අන්තර්ජාතික රජයක් නිර්මාණය කිරීම තුලින් අතාථ්‍ය පාර්ලිමේන්තුවක් බිහිකිරීමට උත්සහා දරණු ලබන අතර ශ්‍රී ලංකා වැනි රටකට තනිවම එවැනි තත්ත්වයකට එරෙහිව ක්‍රියාකිරීමට පවතින හැකියාව වර්ධනය කිරීමෙහිලා මෙවැනි සංවාද තුලින් සාමුහික ශක්ති සැලසෙන බවත්” ප්‍රකාශ කරන ලදී.

අන්තර්ජාතික අපරාධ පිලිබඳ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන් “මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන තවත් බරපතළ අභියෝගයන් දෙකක් බවත් මෙම අභියෝගයන් කලාපීය ගැටළු දෙකක් වන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා රජය හුදකලා ක්‍රියාත්මක නොවිය හැකි බවත් මිනිස් ජාවාරම් පිළිබඳ ගැටළුවේදි ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා රජ්‍යය සමඟ සහයෝගයෙන් ක්‍රියාකරනු ලබන බවත්” පැවසීය.

ඕස්ට්‍රේලියාව - ශ්‍රී ලංකා ඒකාබද්ධ මිනිස් ක්‍රියාකාරි සමූහය විසින් මිනිස් ජාවාරම සහ වෙනත් අන්තර්ජාතික අපරාධ පිළිබඳව 2012 වසරේදී ගිවිසුමක් පිහිටුවන ලද බවත් ඒ අනුව ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පෙන්වාදුන්හ.

2012 වසරේදී ශ්‍රී ලංකාවේන් ඕස්ට්‍රේලියාවට පැමිණි නිති විරෝධි සංක්‍රමණිකයින් 13,500 ක් බෝට්ටු 125 කට වැඩි ප්‍රමාණයක් නීතිය ක්‍රියාත්මක කරන බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එතුමන් එහිදි විශේෂයෙන් පෙන්වාදෙනු ලැබීය. ඒ අනුව මිනිස් ජාවාරම මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සාර්ථකව ක්‍රියාත්මක වී ඇති බවත් මෙහිදි තවදුරටත් පෙන්වාදෙනු ලැබීය.

තවදුරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මත්ද්‍රව්‍ය නිවාරණ පොලිස් එ්කකය විසින් විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමේ එ්කකයක් ස්ථාපනය කිරීම තුලින් ආකාර දෙකකට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සැපයන සැපයුම් කරුවන් නිතියේ රැහැනට හසුකරගැනීමටත් කටයුතු කරනු බවත් මෙහිදි පැවසීය. තවද මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළුව ජාත්‍යන්තර වශයෙන් බලපාන ගැටළුවක් බවත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ සංවිධාන හා එක්ව ක්‍රියාත්මකවෙමින් විමර්ශන මෙහෙයුම් පවත්වන බවත් මෙහිදි පෙන්වාදුන්හ.

තවද එහිදි වැඩිදුරටත් දැක්වු යුද්ධ හමුදාධිපතිතුමන් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුව සඳහා සහභාගි වු සාමාජික රාජ්‍යයන් අතර මනා සහයෝගිත්වයෙන් යුතුව ක්‍රියා කලයුතු බවත් 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සැලසුම් කල දමිළ තරුණ තරුණියන් කිහිපදෙනෙකු චෙන්නායිහි දී අත්අඩංගුවට ගත් බව සිහිපත් කලහ. ඉන්පසුව නැවතත් තවත් තරුණයෙකු 2015 ජූලි මාසයේදී ඩෙටනේටර්, සයනයිඩ්, ජංගම දුරකථන සහ විශාල මුදල් ප්‍රමාණයක් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සහා දරණ අවස්ථාවේ දී රමේෂ්වරම්හිදී අත්අඩංගුවට ගත් බවත් ඒ සඳහා ඉන්දිය රජය නීත්‍යානුකුලව මැදිහත්වී ක්‍රියා කල බැවින් එම විමර්ශන තුලින් ත්‍රස්තවාදය මැඩලීම සඳහා ඉවහල් වූ බවත් ප්‍රකාශ කරනු ලැබීය.

තවදුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් “ ශ්‍රී ලංකාව තනිවම මෙවැනි තත්ත්වයන් සඳහා ක්‍රියාත්මක වෙමින් ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මකවීමට නොහැකි වන බවත් ඒ සඳහා පාර්ශවකරුවන් ලෙස අනෙකුත් රාජ්‍යයන්හි සහාය ද හිමිවිය යුතු බවත් සාමුහිකව ක්‍රියාකිරීම තුලින් බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුව සඳහා සහභාගි වු සාමාජික රාජ්‍යයන් තුල ත්‍රස්තවාදය තුරන් කිරීමට කලාපීය හා ගෝලීය වශයෙන් මෙම අභියෝගයන්ට මුහුණදිය හැකි බවත්” තවදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන උපයමාර්ගික ක්‍රියාමාර්ග තුලින් ප්‍රතිත්‍රස්ථ ක්‍රියාවන් මෙන්ම පශ්චාත් යුධ සමයේ සංවර්ධන ක්‍රියාදාමයන් අධ්‍යයනය කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ද සියලුම යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට ආරාධනා කිරීමට කැමති බව ප්‍රකාශ කරනු ලැබීය. එම යථාර්තවාදී උපාය මාර්ගයන් නිසැකවම ඔබේ හමුදා පිරිස්වල දැනුම, කුසලතා සහ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා උපකාරි වන බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරනු ලැබීය. Buy Kicks | Nike Air Force 1 , Sneakers , Ietp STORE