Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2018 21:05:25 Hours

‘Edex නැණ පහන’ ව්‍යාපෘතිය මගින් වන්නි ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පාසල් සිසුන්ට පොත් බෙදාදීමක්

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශීෂ්‍යන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Edex නැණ පහන’ ව්‍යාපෘතියේ සහයෝගය ඇතිව වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි ව/කුලුකුන්නමඩුව විද්‍යාලය, ව/කල්මඩු දමිළ විද්‍යාලය, ව/කල්මඩු මහා විද්‍යාලය සහ ව/බෝගස්වැව මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන තෝරාගනු ලැබු අඩු ආදයම්ලාභී පවුල්වල සිසුන් සඳහා කියවීමේ පොත් විශාල තොගයක් බෙදාදෙනු ලැබීය.

මෙවැනි සුභ සාධන ව්‍යාපෘතින් සාර්ථක කරගැනීම තුලින් දුෂ්කර ප්‍රදේශයන්හි අධ්‍යාපන කටයුතු ඉහල නැංවීම EDEX නැණ පහන ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 563 සහ 611 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ සිවිල් සම්බන්ධිකරණ නිලධාරින් විසින් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදාම්ලාභි පවුල්වල සිසුන් වෙත මෙහිදි පොත් බෙදාදෙනු ලැබීය.

EDEX සමාගම මෙවැනි ව්‍යාපෘතින් දියත් කිරීම තුලින් ශ්‍රී ලංකාවේ තරණ තරුණියන් අතර ගෝලීය වශයෙන් තරගකාරී ස්වභාවයක් අපේක්‍ෂා කරයි.

EDEX නැණ පහන ව්‍යාපෘතියේ වෙළඳ ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ ෂෙහාන් හිරන්ග සිල්වා මහතා, කොළඹ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයින් වන රමිත් පෙරේරා මහතා සහ නවක නවරත්න මහතා මෙම කියවීමේ පොත් බෙදාදීමේ උත්සවය සඳහා සහභාගි වූහ.

මෙම උත්සවය සඳහා 563 සහ 611 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරු, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්, EDEX සංගමයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ. latest jordans | NIKE RUNNING SALE