Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2018 13:40:10 Hours

දියකාවා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් ප්‍රහාරයට ඇති සුදානම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය ‘දියකාවා IX – 2018’ අවසන් අධියරට ලඟාවත්ම ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දියකාවා යුධ පුහුණු අභ්‍යාස ක්‍රියාන්විත මුලස්ථානය පිහිටි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයට බදාදා (26) දින පැමිණියහ.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව දියකාවා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, දියකාවා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය පිළිබඳ ආකෘතියක් ආධාරයෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට පැහැදිලි කරන ලදී. තවද යුද්ධ හමුදාධිපතිතුමන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ විවිධ අදියරයන් පිළිබඳ නිරීක්‍ෂණයට ලක් කල අතර යුද අභාසය සඳහා සහභාගිවූ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සුහද සාකච්ඡාවක් ද පැවැත්විය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් දියකාවා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා සහභාගි වූ විදේශීය හමුදා සාමාජිකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර මෙම යුද අභ්‍යාසය පිළිබඳ විදේශීය හමුදා සාමාජිකයින් කරන ලද ඇගයුම්වලට ද යුද්ධ හමුදාධිපතිතුමන් සවන්දුන්හ. මෙම සුහද හමුවේදි යුද්ධ හමුදාධිපතිතුමන් දියකාවා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය - 2018 හී අවසන් ප්‍රහාරය සාර්ථකව දියත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර ඒ සඳහා සුභපැතුම් ද එක් කළහ. තවද යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යාමට පෙර සමුහ ඡායාරූපයක් සඳහා ද එක්ව සිටියහ. Asics shoes | Nike News