Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2018 17:11:57 Hours

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බක්මීවැව සහ ඉදිකරන ලද අලිවැට විවෘත කෙරේ

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ගොමරන්කඩවල, බක්මීවැව සහ අලින්ගෙන් ගම්මානය ආරක්‍ෂාකරදීම සඳහා ඉදිකල අලිවැට බ්‍රහස්පතින්දා (20) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගොමරන්කඩවල දී පැවති උත්සවයක දී විවෘත කරනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතියට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් නැගෙනහිර පළාතේ වැව් මෙන්ම ගම්මානයට අලින් ඇතුළුවීම වැලැක්වීම සඳහා කිලෝමීටර 30 ක පමණ දිග අලිවැටක් ඉදිකරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් හඳුන්වාදුන් පරිදි ජාතිය ගොඩනැගිමේ සංකල්පයට අනුව කුඩා ගම්මාන ඇතුළු දිවයින පුරා පිහිටි වැව් 473 ක් නැවත ප්‍රතිස්ථාපිත කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජාතියේ හොඳම සේවා සැපයුම්කරුවන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරුවන් ඉදිරිපත්වී ඇත.

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ගොමරන්කඩවල වැව අක්කර අඩි 220 ක ජල ධාරිතවක් තිබුණ ද එය අක්කර අඩි 280 ක් බවට ප්‍රතිසංස්කරන ක්‍රියාවලියෙන් පසු වැඩි කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන 25 ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබුණ ද ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන් 15 ක මුදලක් වැය කරමින් මාස 9 ක් වැනි කෙටි කාලයක් තුල සාර්ථකව නිම කිරීමට යුද්ධ හමුදාව සමත්විය.

තවද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමලය දිසත්‍රික්කයේ වැව් 400 ක් පමණ මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.

මේ අතරතුර, පිටිසර ගම්මානවල අලිග්‍රහණය ඉහලයාමත් සමඟ ඇතිවන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා නවතමයෙන් ඉදිකරන ලද අලිවැට ඉදිකිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 22 ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබුණ ද යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් එය රුපියල් මිලියන 19 ක් වැනි අඩු මුදලක් වැය කරමින් ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන් නිම කිරීමට සමත්විය.

ගොමරන්කඩවල, ගල්කඩවල සහ කන්දමාලාව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස තුනක කිලෝමීටර් 30 ක් ආවරණය වන පරිදි නවතමයෙන් අලිවැට ඉදිකරන ලදි. යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරිතුමන්ගේ උපදෙස් මත ලුතිනන් කර්නල් ප්‍රියන්ත දිසානායක සහ 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් චමිල ජාගොඩ ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතින් දියත් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබු අතර එම අවස්ථාව සඳහා කැබිනට් අමාත්‍යවරු, අමාත්‍යවරු සහ ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක් සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා විපක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්බන්ධන් මහතා, නැගෙනහිර පළාත් අණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිරංජන් රාමනායක සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම සිවිල් වැසියන් රැසක් ද සහභාගි වූහ. Best Nike Sneakers | Nike Shoes