Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2018 18:49:18 Hours

ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකුලව 54 වන සේනාංකය 8 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය මූලස්ථානයේ 8 වන සංවත්සරය සැමරුම් උත්සව මාලවක් සමඟින් සැප්තැම්බර් මස 6 දින සිට 9 දින දක්වා අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

ඒ අනුව සංවිධානය කරන ලද ආගමික වැඩසටහන්, 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.එච්.ඒ.එස්. බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ මාතොට රජමහා විහාරස්ථානය, ජූම්මා මුස්ලිම් පල්ලිය, තිරුකේෂ්වරම් කෝවිල සහ මඩු දේවස්ථානය යන ආගමික සිද්ධස්ථානයන් හිදී පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේ දී 54 වන සේනාංකායේ සේනාංකාධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායාකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

අනතුරුව, සංවත්සර දිනයට සමගාමීව සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් සහ 54 වන සේනාංක ක්‍රීඩාංගනයේ දී සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබීය. තවද සංවත්සර වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස නිලධාරි නිවස්නයේ සුහද හමුවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස 56 සහ 61 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සහභාගි වූහ. best Running shoes brand | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger