Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2018 19:08:48 Hours

මඩු දේවස්ථානයේ දී විශේෂ දේව මෙහෙයක්

ආගමික සමගිය, සහජීවනය සහ සංහිඳියාව ඇති කිරිමේ අරමුණින් යුද්ධ හමුදාවට සහ මහජනතාවට ආශිර්වාද පතා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (15) දින උදෑසන මඩු දේවස්ථානයේ දී විශේෂ දේව මෙහෙයක් සංවිධානය කරන ලදි.

මෙම විශේෂ දේව මෙහෙය අතරතුර මඩු දේවස්ථානයේ නව පරිපාලක ධූරයට අභිනවයෙන් පත්වන ලද පූජ්‍ය පැපි සුසෙයි පියතුමා පිළිගැනීම ද සිදු වූ අතර එතුමන් විසින් එම දේව මෙහෙය පවත්වනු ලැබීය.

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ තිලකරත්න ගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ගේ සම්බන්ධිකරණයෙන් සිදු කළ මෙම වැඩසටහන සඳහා සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ එක්කයන්හි සහයෝගය ලබාදෙන ලදි.

මෙම දේව මෙහෙය අවසානයේ සුහඳත්වය සංකේතවත් කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් සිද්ධස්ථානයේ පූජකයන්, පරිපාලකයන් සහ සේවකයින් සමඟ එක්ව රසවත් දිවා ආහාරයක් භුක්ති විදින ලදි.

පුජකතුමන්ලා වෙත ත්‍යාග සහ සමරු තිළිණ පිරිනැමීමට පෙර වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, 61 වන සේනාංකයේ සේනාංකාධිපති සහ සියලු නිලයින් ද පූජක තුමන්ලා සමඟ එක්ව දිවා ආහාර භූක්ති විදිම සඳහා එක්විය. Best jordan Sneakers | Nike Running