Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2018 20:02:05 Hours

බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ 23 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක්, ඔවුන්ගේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පුහුණු වැඩසටහනේ එක් අදියරක් ලෙස ඉරිදා (16) දින උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී.

සංචාරය අතරතුර, නියෝජිත පිරිස අඟහරුවාදා (18) දින සන්ද්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි අතර එහිදි විදේශගතව සිටින යුද්ධ හමුදාධිපතිතුමා නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු හමුවිය.

එහිදි, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි විසින් ‘මානුෂිය මෙහෙයුම් සහ යුද්ධ හමුදාවේ නව සංවර්ධනය’ (Humanitarian Operations and New Developments in the Army) පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කරන ලදී.

බංගලාදේශ නාවික හමුදාවේ රියර් අද්මිරාල් මුහම්මද් අන්වරුල් ඉස්ලාම් ප්‍රමුඛ මෙම පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් 23 දෙනා බංගලාදේශය, ඉන්දීයාව, නයිජිරියා ටැන්සානියාව යන රාජ්‍යයන්හි සන්නද්ධ හමුදා සාමාජිකයින් සහ බංගලාදේශ සිවිල් සේවාවන්හි සාමාජිකයන්ගෙන් සමන්විත විය. Nike footwear | Nike Shoes