Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2018 14:27:48 Hours

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන්ට යුද්ධ හමුදාවෙන් ‘නායකත්ව’ පුහුණුවක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධීක්‍ෂණය යටතේ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් ‘යුද්ධ හමුදා නායකත්ව’ පුහුණු වැඩමුළුවක් සංවිධානය කරනු ලැබීය.

තාක්‍ෂණික විද්‍යාපීඨයේ සිසුන් 106 දෙනෙකු සහ කථිකාචාරයවරුන් තිදෙනෙකු යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිකුරාදා (14) දින මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පුහුණු) මේජර් කේ.ආර්.එම්.එම්.පී. අබේවර්ධන මෙම වැඩමුළුවේ උපදේශක ලෙස කටයුතු කල අතර ප්‍රයෝගික ක්‍රියාකාරකම් ද ඇතුළුව වැඩමුළුව පවත්වනු ලැබීය.

සන්ධ්‍යාවේ දී, වැඩමුළුව සඳහා සහභාගිවූ සියලුදෙනා දියතලාව නරියා කන්ද ප්‍රදේශයේ සංචාරය කල අතර එහිදි නරියා කන්දේ පිහිටිම සහ ඵෙතිහාසික වැදගත්කම පැහැදිලි කරදුන්හ. Nike shoes | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ