Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th September 2018 16:29:56 Hours

මධ්‍යම භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ඉල්ලීමකට අනුව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෘත්තීකයින් කණ්ඩායමකගේ සහයෝගය ඇතිව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (14) දින පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 කට අධික පිරිසක් සහභාගි වූ අතර එහිදි ඉදිරි වැසි සමයේ ඇතිවියහැකි හදිසි ආපදා තත්ත්වයන් හිදි ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳ උපදෙස් සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් දැනුවත් කරනු ලැබීය.

මෙම වැඩමුළුව සඳහා ඌව පළාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සුනිල් ජයවීර මහතා සහ ඌව පළාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය අධ්‍යක්‍ෂ උදය කුමාර මහතා ද සහභාගි විය. Authentic Sneakers | nike air force 1 shadow , eBay