Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2018 16:19:17 Hours

මිනුස්මා (MINUSMA) බලකා ආඥාපති ශ්‍රී ලංකා කඳවුරේහි සංචාරයක

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ආඥාපති මේජර් ජෙනරාල් ජින් පාවුල් ඩෙකොනික් (Major General Jean - Paul Deconinck) පසුගියදා මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) කාර්යභාරය පිළිබඳ සොයා බැලීම සඳහා නිල සංචාරයක නිරතවිය.

කඳවුරු පරිශ්‍රයට සපැමිණි ආඥාපතිතුමන් වෙත සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කලන අමුණුපුර විසින් සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳව ඉදිරිපත් කිරීමක් මගින් පැහැදිලි කරනු ලැබීය. ඉන් පසුව, ආඥාපතිතුමන් සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ භට පිරිස් කරන ලද සේවයට සිය ස්තුතිය පුද කළහ.

“මෙය මාගේ ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) සිදු කරනු ලබන තෙවන සහ අවසාන සංචාරය බවත් සිය ධූරයෙන් නික්මයාමට පෙර ශක්තිමත්, බලවත් හා කාර්යක්‍ෂම සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් මාගේ ස්තුතිය හා මගේ ගෞරවය ප්‍රකාශ කිරීමට අද මෙහි පැමිණි බවත්” ආඥාපතිතුමන් සියලුදෙනා අමතමින් පැවසීය.

ආඥාපතිතුමන්ගේ සමුගැනීමේ සංචාරය සනිටුහන් කරමින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. අනතුරුව පැවැති දිවා භෝජන සංග්‍රහයකින් උත්සවය අවසන් විය.

මෙම සංචාරය සඳහා මේජර් ජෙනරාල් ජීන් පාවුල් ඩෙකොනික් (Major General Jean - Paul Deconinck) සමඟින් බ්‍රිගේඩියර් ජෙනරාල් ඒ.ටි.එම්. අනිසුසමන් (Brigadier General A.T.M Anisuzzaman) සහභාගි වූ අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහ බලකා මූලස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ නැගෙනහිර මූලස්ථානයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.Sport media | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival