Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2018 18:34:18 Hours

ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩිකාවක් නව වාර්තාවක් පිහිටුවයි

10 වන ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2018 ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව් රැසක් සමඟින් බ්‍රහස්පතින්දා (13) දින කොළඹ 13, සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එච්.ඩී.වී. ලක්ෂානි තුන්පිම්ම තරඟ ඉසව්වේ මීටර් 13.58 ක් පනිමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මෙම තරගාවලියේ අවසන් තරගය ඉරිදා (16) දින තෙක් පැවැත්වීමට නියමිතය. තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගිවීමට නියමිතය. Best Nike Sneakers | Yeezy Boost 350 Trainers