Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2018 14:53:14 Hours

විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු යුද්ධ හමුදා පාපැදි ධාවකයින් ඇගයුමට

විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු පාපැදි ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 2, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරි නිවස්න පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග සහ කමිටු සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද මෙම ඇගයීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3 ක වටිනාකමින් යුතු නව පාපැදි බෙදා දෙන ලදී.

දිවයිනේ පාපැදි තරඟ නව දිශානතියකට යොමුකරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් තෙවැනි වරටත් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ් අප් පාපැදි සවාරිය’ කිලෝ මීටර 824 ක දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි පවත්වන ලද අතර එම පාපැදි සවාරියේ සමස්ථ ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කල ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබළ ගිහාන් පුෂ්පකුමාර සමත් විය.

මෙහිදී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ගයාන් කුමාර, කෝප්‍රල් තුෂාන් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ තුසිත සඳරුවන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ සඳරුවන් පින්තු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ගිහාන් පුෂ්පකුමාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ උදේෂානි කුමාරසිංහ යන ක්‍රිඩක ක්‍රිඩිකාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පාපැදි ලබාගන්නා ලදී.

සැප්තැම්බර් මස 7 වන දින සිට 8 වන දින දක්වා කොළඹ සිට කුලියාපිටිය දක්වා කිලෝමිටර 175 ක දුර ප්‍රමාණයක් ආවාරණය කරමින් පවත්වන ලද කාන්තා පාපැදි තරඟය සඳහා යුද්ධ හමුදා කාන්තා පාපැදි ක්‍රීඩිකාවන් සහභාගි වු අතර එහිදී විශේෂ දක්‍ෂතා දැක්වු කාන්තා සෙබළ උදේෂානි කුමාරසිංහ ද බදාදා (12) දින උදෑසන පැවති උත්සවයේ දී ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග, උප සභාපති බ්‍රිගේඩියර් විජිත වීරක්කොඩි, නිලධාරින් සහ යුද්ධ හමුදා පාපැදි ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් එක්ව සිටියහ. Sports brands | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov