Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 14:41:52 Hours

හමුදා සාමාජිකයන් සඳහා පැවැත්වු තවත් ඉංග්‍රිසි පාඨමාලාවක් සාර්ථකව මාතරදී අවසන් වේ

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉංග්‍රිසි භාෂාව ලිවීම, කියවීම සහ කථා කිරිමේ හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් පවත්වන ලද ඉංග්‍රීසි පාඨමාලාව ජුනි මස 4 වන දින සිට සැප්තැම්බර් මස 5 වන බදාදා දින දක්වා මාතර 3 වන ගැමුණු හේවා බලඇණි මුලස්ථානයේදී පවත්වන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එල්.එස්.කේ පෙරේරා ගේ උපදෙස් පරිදි පවත්වන ලද මෙම පාඨමාලාවේ පළමු අදියර සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සහභාගිවු අතර මෙම පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කපිතන් තුෂාර ඇන්තනි විසින් මෙහෙයවන ලදී.

මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරුවන්ට සහතික පත් ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (6) දින පවත්වන ලදී. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 58 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එක්වු අතර එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.latest Running Sneakers | adidas Yeezy Boost 350