Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 18:58:34 Hours

විශ්වමඩු ප්‍රදේශවාසින් සඳහා භට පිරිස් විසින් පානීය ජලය බෙදාදේ

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සිවිල් වැසියන් සඳහා එම ප්‍රදේශය පුරා ජංගම පානීය ජලය සැපයීමේ සේවාවක් කිලිනොච්චි 57 වන සේනාංක මුලස්ථානය විසින් සැප්තැම්බර් 4 වන දින සිට දියත් කර ඇත.

පවතින දැඩි නියං කාලගුණික තත්වය හේතුවෙන් ජල උල්පත් හා ජල මුලාශ්‍ර සිදීයාම හේතුවෙන් පීඩාවට පත් ව සිටින විශ්වමඩු ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පසුගිය සතිය ආරම්භයේ සිට 57 වන සේනාංක මුලස්ථානය සහ 572 වන බලසේනාංකයට අයත් 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් ජල බවුසර් උපයෝගි කරගනිමින් පානීය ජලය බෙදාදෙනු ලබයි. Running Sneakers Store | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify