Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2018 11:25:56 Hours

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් සඳහා ‘අධ්‍යාත්මික ජෛවගතික හෙල ගොවිකම්’ පිළිබඳ පාඨමාලාවක්

අරලගන්විල යුද්ධ හමුදා ගොවිපල හි සේවයේ නියුතු භට පිරිස් සඳහා මාස 3 ක කාලසීමාවක සිදුකරන ලද ‘අධ්‍යාත්මික ජෛවගතික හෙල ගොවිකම්’ පිළිබඳ පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරුවන්ට සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවය සඳුදා (3) දින වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී පවත්වනු ලැබීය.

මෙහිදී නිලධාරින් 4 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයන් 24 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කරන ලද අතර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිතන් කර්නල් වි.ඩි.එස් පෙරේරා විසින් පාඨමාලාවේ කාලීන වැදගත්කම හා ලබාගත් දැනුම විශ්‍රාම දිවිය සඳහා ඵලදායි ලෙස යොදා ගැනිම පිළිබඳව දේශණයක් ද සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් කේ.එස් ප්‍රසන්ත සහ විධායක අධිකාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් යු.එල්.එන්.ඩි.කේ ලියනගේ ද එක්විය. Adidas footwear | Sneakers Nike