Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2018 21:08:56 Hours

හපුතලේ නගරය පිරිසිදු කිරිමේ ව්‍යාපෘතිය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් හි සහාය

හපුතලේ මහ නගර සභාවේ නගරාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් අනුව බ්‍රහස්පතින්දා (6) දින හපුතලේ නගරය අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා නිලධාරි 01 ක් හා හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගේ සහාය ලබාදෙනු ලැබීය.

රාජ්‍ය අංශයේ සේවකයින්, රාජ්‍ය නොවන සංවිධානවල සේවකයින් සහ ස්වේච්ඡා සේවකයින්ගේ ද සහයෝගයෙන් එදින සවස් කාලය වන තුරු මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක වු අතර නගරාධිපතිතුමන්, නාගරික මන්ත්‍රිවරුන් සහ පාසල් සිසුන් ද ඒ සඳහා දායකත්වය ලබාදෙන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයන් වෙත හපුතලේ මහ නගර සභාවේ නගරාධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සිය කෘතඥතාව පල කර සිටියහ. latest Running Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!