Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2018 11:47:46 Hours

පූනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා වෛද්‍ය සායනයක්

පූනරීන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වල සෞඛ්‍යය තත්වය නංවාලීමේ අරමුණින් 66 වන පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනයක් ඉරිදා (2) දින පූනරීන් මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලද අතර සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් සඳහා මෙම වෛද්‍ය සායනය මගින් ප්‍රතිකාර හා වෛද්‍ය උපදේශණ සේවාවන් ලබාදෙනු ලැබීය.

66 වන සේනාංකයේ ඉල්ලීම මත කිලිනොච්චි කලාප සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහාය මෙම වෛද්‍ය සායනය සඳහා ලබාදුන් අතර 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර සේවාවන් පිළිබඳව සොයා බලන ලදී. කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන්, හෙද නිලධාරින් සහ පරිපුරක වෛද්‍යවරුන් ගෙන් මෙම වෛද්‍ය කාර්ය මණ්ඩලය සමන්විත විය.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ද එක්වු අතර ආඥාපතිතුමන් විසින් පැමිණි සිටි සිවිල් වැසියන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ ද සුහද පිලිසදරක ද යෙදුණි.

මෙම වෛද්‍ය සායනයට සමඟාමීව ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරික්‍ෂකවරුන්, පවුල් සෞඛ්‍යය නිලධාරින් සහ පෝෂණවේදින් විසින් යහපත් සෞඛ්‍යය තත්වයක් පවත්වාගැනීම සබැදි සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් ද පවත්වන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ‘Success’ සංවිධානයේ වෛද්‍ය (මහාචාර්ය) අනුලා විජේසුන්දර මහත්මිය සහ එම සංවිධානයේ කාර්ය මණ්ඩලය ද සහයෝගය දක්වනු ලැබීය.

66 වන සේනාංක භට පිරිස් විසින් සායනය සඳහා පැමිණි සිවිල් වැසියන් සඳහා ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරන ලදී. ප්‍රදේශවාසින් සඳහා අවශ්‍යතාවයක්ව පැවති මෙවැනි වෛද්‍ය සායනයක් පැවැත්වීම සම්බන්ධව පූනරීන් ප්‍රදේශයේ ප්‍රදේශවාසින් විසින් කෘතඥතාවය පලකරන ලදී. Sport media | Air Jordan