Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2018 11:47:40 Hours

593 වන බලසේනාවේ මුලිකත්වයෙන් පෙර පාසලක් අලුත්වැඩියා කරයි

සංහිඳියාව සහ ප්‍රදේශයේ ජනතාව අතර සහජීවනය ඇති කිරිමේ තවත් පියවරක් ලෙස 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 593 වන බලසේනාවේ භට පිරිස් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ චෙම්මලි ග්‍රාම සේවා වසමේ පිහිටි පෙර පාසලක් සහ එහි ළමා උද්‍යානය අලුත්වැඩියා කිරිමේ කටයුතු සිදු කර අඟහරුවාදා (4) දින පෙර පාසල් බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ මඟපෙන්විම යටතේ 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකා අමරපාල ගේ අධික්ෂණයෙන් එම බලසේනා භට පිරිස් විසින් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදි.

මේ සඳහා මුල්‍යමය දායකත්වය දානපතියෙකු වන තුලන්ත සේනානායක මහතා විසින් දැක්විය.

මෙම ව්‍යාපෘතිය නිමකොට භාරදීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගි වු අතර, 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකා අමරපාල, මුලතිව් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා, යූ. පුවනරාජා මහත්මිය, මුලතිව් පෙර පාසල් ගුරු උපදේශක ගුණපාලන් මහතා, චෙම්මේලි මහා විද්‍යාලයේ විදුහල්පති එස්. බස්කරන් මහතා, තුලන්ත සේනානායක මහතා, දිල්රුක්ෂි සේනානායක මහත්මිය සහ ලංකා බිස්කට් සමාගමේ ප්‍රාදේශිය අලෙවි කළමණාකරු රංජිත් අත්තනායක මහතා ද මේ සඳහා එක්ව සිටියහ. තවද මෙම උත්සවයට සහභාගි වූ ළමුන් සඳහා අත්‍යාවශ්‍ය ලිපිද්‍රව්‍ය සහ මන්චි ත්‍යාග පාර්සල් ද මෙහිදි බෙදාදෙනු ලැබීය. Best Nike Sneakers | Nike for Men