Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2018 09:35:29 Hours

62 වන සේනාංකයේ භට පිරිස් ඉදිකල විහාරස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

අලියවංගුව, ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථාන දායක සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් විසින් විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ධර්මශාලාව අගෝස්තු මස (26) දින පැවැති උත්සවයකින් බැතීමතුන්ගේ පරිහරනය සඳහා විවෘත කරනු ලැබීය.

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝහිත නාහිමියන් ගුණානුස්මරණය කරමින් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මෙම ශ්‍රවණාගාරය ඉදිකරනු ලැබීය. මෙම විවෘත කිරීමේ උත්සවය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුළු බැතිමතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවය සඳහා පූජ්‍ය හොරණ මිල්ලෑවේ සුමනතිස්ස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලා, හිටපු 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ සහ තවත් යුද්ධ හමුදා නිලධාරින් රැසක් සහභාගි වූහ. best Running shoes brand | Nike Air Force 1 , Sneakers , Ietp STORE