Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2018 09:35:00 Hours

ත්‍රිකුණාමලයේ දී 22 වන සේනාංකයේ භට පිරිස්හි සහාය ඇතිව ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු රෝහල්හි රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා 22 වන සේනාංකයේ සහයෝගය ඇතිව ලංකා ඉන්දිය ඔයිල් සංස්ථාව විසින් සංවිධානය කරනු ලබු ලේ පරිත්‍යාග වැඩසටහන සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථානගත 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 76 දෙනෙකුට අධික පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව ලේ පරිත්‍යාග කළහ.

ලංකා ඉන්දිය ඔයිල් සංස්ථාවේ නියෝජ්‍ය සභාපති චිරන්ජිවී මහතා විසින් 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා භට පිරිස්හි සහයෝගය ලබාදෙනු ලැබීය. Mysneakers | adidas Yeezy Boost 350