Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2018 21:16:07 Hours

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් නව පාසල් වාරයට ප්‍රථම ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කරයි

පාසල් නිවාඩු කාලයෙන් පසු ප්‍රදේශයේ පාසල් රැසක් සඳුදා (3) දින නැවත විවෘත කිරිමට නියමිත අතර බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය සහ 58 වන සේනාංකයට අයත් 141, 142 වන බලසේනාංකයන් හා 581, 582, 583 වන බලසේනාංකයන් හි 200 කට ආසන්න භට පිරිසකගේ දායකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් සැප්තැම්බර් මස 1 වන දින සිට 2 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම දෙදින වැඩසටහන සඳහා 141, 142 වන බලසේනාංකයන් හා 581, 582, 583 වන බලසේනාංකයන් හි 194 ක භට පිරිසක් දායකත්වය දක්වන ලදී. Authentic Sneakers | adidas poccnr jumper dress pants size