Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2018 21:38:41 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් අතපත්තු රාජකාරි අරඹයි

දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳුදා (03) දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයක දී රාජකාරි භාරගන්නා ලදි. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සෙනසුරාදා (01) දින සිය ධුරයෙන් නික්මයාම හේතුවෙන් එම තනතුර සඳහා බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පත්කරනු ලැබීය.

නව රෙජිමේන්තු අධිපති වෙත රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ දී එහි මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ජානක ප්‍රියදර්ශන විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. ඉන්පසු බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු‍‍රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

එසේම, නව රෙජිමේන්තු අධිපතිතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනැමූහ. එහිදි බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් භට පිරිස් ඇමතීම ද සිදු කරනු ලැබීය.

එතුමන් නව කාර්යාලයේ දී, ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි අරඹනු ලැබූ අතර, මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. සියලු නිළ තේ පැන් සංග්‍රහයට සහභාගි වී ඔවුන් සමඟින් සුහඳ පිළිසදරක නිරතවීමට ද නව රෙජිමේන්තු අධිපතිතුමන් අමතක නොකළහ.

මේ වන විට බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද්ධ හමුදා මුලස්ථාන අධ්‍යක්ෂ ජනමාධ්‍ය ලෙස ද කටයුතු කරනු ලබයි. Sports brands | Womens Shoes Footwear & Shoes Online