Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2018 18:58:40 Hours

විදේශ මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.එල්.පී.එස් තිලකරත්න අඟහරුවාදා (31) දින පැවැති උත්සවයකදී රාජකාරි අරඹනු ලැබීය.

විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පළමු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් එම්.එම්.එස්. පෙරේරා නුදුරේදී යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාමයාමට නියමිතව ඇති බැවින් නව විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස අධ්‍යක්‍ෂ ඒ.එල්.පී.එස් තිලකරත්න රාජකාරි භාරගත්හ.

එතුමන් සිය කාර්යාලයේ දී, ආගමික වතාවත් මධ්‍යයේ සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි අරඹනු ලැබීය.

එහිදි, නව අධ්‍යක්‍ෂතුමන් සියලුම නිලයින් ඇමතු අතර අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා ද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියලු නිලධාරින් සහ එහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. Best Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ