Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2018 13:49:24 Hours

ත්‍රිකුණාමලය රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනය මඟින් පැවැත් වූ පළමු පරිගණක පාඨමාලව සාර්ථකව අවසන්වේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්විම මත අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට නොමිලේ තොරතුරු තාක්‍ෂණ දැනුම ලබාදීමේ අරමුණින් ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් හි ස්ථාපිත රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනය මඟින් පැවැත් වූ ප්‍රථම පරිගණක පාඨමාලාව සඳහා සියලුම ජනවර්ග නියෝජනය කරමින් පාසල් සිසුන් 52 ක් සහභාගි වූ අතර, එහි සහතික පත් ප්‍රදානෝත්සවය අගෝස්තු මස 03 වන දින පවත්වන ලදි.

මෙම මූලික පරිගණක පුහුණු පාඨමාලාව, අඩු ආදායම්ලාභී පවුල්වල අවුරුදු 10 – 15 ත් අතර සිසුන්ට පරිගණක තාක්‍ෂණ දැනුම ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ පළපුරුදු කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලැබීය.

මෙම මූලික පරිගණක පාඨමාලාව පැය 45 ක් ආවරණය වන පරිදි කණ්ඩායම් දෙකක් යටතේ පැවැති අතර ඉතා ජනප්‍රිය වී ඇති මෙම මූලික පරිගණක පාඨමාලාවේ ඊළඟ අදියර සඳහා දැනටමත් අයඳුම්පත් ගණනාවක් ලැබී ඇත. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ත්‍රිවිද හමුදාවේ සේවයේ නියුතු සාමාජිකයින්ගේ දුදරුවන්ට ද මෙහි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.

අගෝස්තු මස 29 වන දින පැවැත්වූ මෙම සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි වූ අතර යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.ඩී. වන්නිආරච්චි සහ පාඨමාලාව හැදෑරු සිසුන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ. Best jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ